පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස් - " මෙම පරිගණක පුහුණු වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනකි . මීට පෙර නොලැබුණු හොද පුහුණුවක් ලබා ගන්න අවස්ථාව ලැබුණා පරිගණක වැඩසටහන් වල ගොඩක් නොදන්න දේවල් මේ කෙටි කාලය තුළ ඉතා ආසාවෙන් ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්න. "- - "උපාධිධාරී ගුරුවරයෙකු ලෙස උපාධිය ලබා ලබා රැකියාවක් ලබා ගත් මා අවුරුදු අටක් සේවය කළ ඉ තා දුෂ්කර පළාතකය . මෙම අවුරුද්දේ මාතර කලාපයට ආ මම 2019-07- 24 දින මෙම වැඩමුළුවට සහභාගි වූයේ ඉතා අකැමැත්තෙනි . විදුහල්පතිතුමාගේ බලකිරීම මතයි . වැඩමුළුව පටන් ගෙන පැයක් ගතවීමටත් පෙර මෙහි වැදගත් කම මට වැටහිනි . පැමිණීම ගැන ලොකු සතුටක් ඇතිවිය . ඒ සඳහා යොමු වීමට මා තුල බියක් ඇති වූයේ නොදන්නාකමයි . ඔබතුමන්ලා තුමියන්ගේ ඉගැන්වීම් මත ද පරිගණක පිළිබදව මුලික දැනුම ලබා ගත්තෙමි . දැන් මට බයක් බියක් නැත . ඒ සදහා ඔබතුමන්ලා කරන කැපවීමට ස්තුතිවන්ත වෙමි ." - - "පරිගණක පුහුණුව ලබා ගැනීම සඳහා මා මෙම ආයතනයට පැමිණියේ කිසිවක් නොදැන ය . නමුත් අපට පැමිණි මොහොතේ සිටම දින තුන අවසාන වන තෙක්...
මාතර කලාපීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථානය අප මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා සහ පුහුණු වැඩසටහන් පිළිබද තොරතුරු සහ අපගේ සේවාවන් ළබා ගන්නා අයගේ අදහස් සහ යෝජනා ප්‍රචාරය සදහා මෙම බ්ලොග් අඩවිය භාවිතා වේ.