Skip to main content

ප්‍රාථමික විෂය ගුරුවරුන් සදහා වූ තොරතුරු තාක්ෂණ පුහුණුව (පළමු කණ්ඩායම) - 2019 - 07 - 24 සහ 25

 

පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස්

- " මෙම පරිගණක පුහුණු වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනකි. මීට පෙර නොලැබුණු හොද පුහුණුවක් ලබා ගන්න අවස්ථාව ලැබුණා පරිගණක වැඩසටහන් වල ගොඩක් නොදන්න දේවල් මේ කෙටි කාලය තුළ ඉතා ආසාවෙන් ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්න. "-

- "උපාධිධාරී ගුරුවරයෙකු ලෙස උපාධිය ලබා ලබා රැකියාවක් ලබා ගත් මා අවුරුදු අටක් සේවය කළ තා දුෂ්කර පළාතකය. මෙම අවුරුද්දේ මාතර කලාපයට ආ මම 2019-07- 24 දින මෙම වැඩමුළුවට සහභාගි වූයේ ඉතා අකැමැත්තෙනි. විදුහල්පතිතුමාගේ බලකිරීම මතයි. වැඩමුළුව පටන් ගෙන පැයක් ගතවීමටත් පෙර මෙහි වැදගත් කම මට වැටහිනි. පැමිණීම ගැන ලොකු සතුටක් ඇතිවිය. ඒ සඳහා යොමු වීමට මා තුල බියක් ඇති වූයේ නොදන්නාකමයි. ඔබතුමන්ලා තුමියන්ගේ ඉගැන්වීම් මත ද පරිගණක පිළිබදව මුලික දැනුම ලබා ගත්තෙමි. දැන් මට බයක් බියක් නැත. ඒ සදහා ඔබතුමන්ලා කරන කැපවීමට ස්තුතිවන්ත වෙමි." -

- "පරිගණක පුහුණුව ලබා ගැනීම සඳහා මා මෙම ආයතනයට පැමිණියේ කිසිවක් නොදැන ය. නමුත් අපට පැමිණි මොහොතේ සිටම දින තුන අවසාන වන තෙක්ම කිසිදු පැකිලීමකින් තොරව පරිගණකය ඉදිරියේ වැඩ කිරීමට අපට කියා දීමට ඔබ ගත්තු උත්සාහය අගය කරමි. වෙනත් සැසි වල ඇති කාලය අපතේ යෑම මෙම දින තුනේදීම දක්නට ලැබුණේ නැත. දින3 මිනිත්තුවක් හෝ අපතේ නොයවා අපි සෑම මොහොතකම නව දැනුම උගත්තෙමු. ඒ සඳහා අපි මෙහෙයවීමට ඔබ ගත් උත්සාහයට ඔබ හතරදෙනාටම තුති සමග පින් පුද දෙමි."

-"පරිගණකයෙන් ඉගැන්වීම් කටයුතු කිරීමට අවශ්‍ය මූලික දැනුම මෙම දින තුන තුළ අපට ලැබුණා. අපි ඉතාම සතුටින් කටයුතුවල යෙදුණා. මුලදී පරිගණකය පිළිබද පුහුණුවක් නොමැති නිසා ඒමට බිය වුවත් ඒ බිය පළමු දිනයේදීම අපට නැතිව ගියා. සර්ලා දෙදෙනාටත් මිස්ලා දෙදෙනාටත් බොහොම ස්තූතියි."

-" හොඳයි වේගවත් බව තමයි වැඩි"

- "දින ගණනාවක් ලබා දිය යුතු පාඨමාලාවක් දින තුනක් වැනි කෙටි කාලයක් තුළදී අපට ලබා දීමට ඔබ දෙපළ දැරූ උත්සාහය අගය කළ යුතුයි. ගුරුවරුන්ගේ තාක්ෂණික දැනුම නව ලෝකයට පිය නැගීමට ඉතාමත් අවශ්‍යයි. එහි වටිනාකම දින තුනෙන් අපට ලැබුණි. ඒ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබීමට මා හට මේ තුළින් ආශාවක් ඇති වුණි."

- "පරිගණක වැඩ වැඩසටහන් අපට ඉතාමත් වැදගත්. තවදුරටත් ඉගෙන ගත යුතුයි බොහෝමයක්. නැවත හමුවෙමු."

-"මෙම වැඩසටහන් අපට ඉතාමත් ප්‍රයෝජනවත්වත් විය. පරිගණකයකින් දැනගත් යුතු දේ සුළු හෝ ප්‍රමාණයක් දැනගැනීම ගැන ඉතාමත් සතුටට පත්වෙමි. අප හට තවදුරටත් මේ පිළිබඳ දැනුම් ලබා දෙන නම් අපි එය ඉතා අගය කරමි."

-"පරිගණක පුහුණු පාඨමාලාවේ උපදේශක මඩුල්ල විසින් අප හට ලබා දුන් දැනුම ඉතා අගය කොට සලකමි. දරුවනට ප්‍රියමනාප ලෙස අපහසුවකින් තොරව ද පාඩම් ඉගැන්වීමට නව තාක්ෂණ දැනුම ලබාදීම පිළිබඳව සහ පාඩමක් සැලසුම් කරගෙන පරිගණකය භාවිතා කිරීමට ඇකි බිය නැතිකිරීමට ස්තුතිවන්ත වෙමි."

-"පරිගණකය ආශ්‍රිය ආශ්‍රිත මූලික දැනුම ලබා තිබුණද නවතම අංගයන් බොහොමයක් දැන ගැනීමට මෙම පරිගණක පුහුණුව පිටුවහලක් විය. එය පාසල තුල භාවිතා කිරීම අපේක්ෂාව වන අතර එවැනි තත්ත්වයක් පාසල් පද්ධතිය තුළ ඇති වනු දැකීමට සමස්ත සමාජය, රට තුළ කතිකාවතක් සහ වැඩ වැඩපිළිවෙළක් ඇති විය යුතුයි."

-"දින 3 ක් මුළුල්ලේ පරිගණක දැනුම ලබාදීම සඳහා ඔබතුමන්ලා තුමියලා ගත් මෙහෙය අතිමහත්ය. එසේම අපගේ දැනුම් මේ තුළින් යාවත්කාලීන කර ගැනීමද, නව තාක්ෂණය භාවිතයය සඳහා ආශාවද, තිබූ දැනුම් වැඩි වැඩි දියුණු කර ගැනීමට ද පන්නරයක් ලබා ගැනීමට හැකි විය ඒ සඳහා දැඩි වෙහෙසක් ගත් ඔබ සැමට ස්තුතියි."

-"මෙම දින තුනෙහි පරිගණක භාවිතය පිළිබඳ මනා දැනුමක් ලබා ලබා ගැනීමට හැකිවුණා. අපට අත්‍යවශ්‍ය වූ වෙබ් සයිට් හා කළේ යුතු දේ යා යුතු පිළිවෙල ගිඛිතව (print) කොට ලැබුණා නම් ඉතා හොඳය."

-"ඉතාම සාර්ථක ගුරු පුහුණු සැසියකි. සැසිය මෙහෙයවූ ඔබ සැමට අපගේ ප්‍රණාමය."





Comments

Popular posts from this blog

කලාප කාර්යාලයේ පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පරිගණක දෘඩාංග පිළිබද මූලික පුහුණුව

 කලාප කාර්යාලයේ පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පරිගණක දෘඩාංග පිළිබද මූලික පුහුණුව

ප්‍රාථමික විෂය ගුරුවරුන් සදහා වූ තොරතුරු තාක්ෂණ පුහුණුව - (2වන කණ්ඩායම) 2020 - 12 - 17 සහ 18

පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස් - "කාලීන අවශ්‍යතාවක් ව තිබූ අධ්‍යාපන වතාවක් ලැබීම ගැන ස්තුතිවන්ත වෙමි .  දරුවන් වෙනුවෙන් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට උදව් වීම විශාල පිටුවහලකි . පෞද්ගලිකව අප හට තිබූ දැනුමට වඩා දැනුමක් ලැබුනා . එම දැනුම දරුවන් වෙනුවෙන් භාවිත කිරීමට අධිෂ්ඨාන කර ගතිමි . ඔබ තිදෙනාටම බොහොම ස්තූතියි ." - "බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයේ පැවති වැඩසටහන් ඉතා වටිනා වැඩ වැඩසටහනක වන අතර කාලය ගියා දැනුණේම නැත . හිතුවට වැඩිය ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගැනීමට ලැබින . අපට ඉගැන්වූ සර්ලා සියලු දෙනාම ඉතා හොඳින් සිත් ගන්නා ආකාරයට පාඩම් ප්‍රායෝගිකව ඉගැන්වීය . තවත් කාලය තිබුණා නම් ඉතා වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි ." - "දෙදින තුල ලබාගත් දැනුම් ඉතාමත් අගය කොටස සලකමි ඔවුන්ගේ කැපවීම ප්‍රශංසනීයයි . මෙවැනි පුහුණුවීම් කටයුතු තවදුරටත් ලබා දෙන්නේ නම් අගය කොටස සලකමි . සිදු වූ එකම සිත් රිදවීම නම් පරිපාලනයෙන් ඊයේ දිනයේ සිදු වූ ( සමහර ගුරු මහත්ම මහත්මීන්ට ) Wash room එකේ ප්‍රශ්නය ි . ...