Skip to main content

ප්‍රාථමික විෂය ගුරුවරුන් සදහා වූ තොරතුරු තාක්ෂණ පුහුණුව - (2වන කණ්ඩායම) 2020 - 12 - 17 සහ 18

පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස්

- "කාලීන අවශ්‍යතාවක් ව තිබූ අධ්‍යාපන වතාවක් ලැබීම ගැන ස්තුතිවන්ත වෙමිදරුවන් වෙනුවෙන් වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබාදීමට උදව් වීම විශාල පිටුවහලකි. පෞද්ගලිකව අප හට තිබූ දැනුමට වඩා දැනුමක් ලැබුනා. එම දැනුම දරුවන් වෙනුවෙන් භාවිත කිරීමට අධිෂ්ඨාන කර ගතිමි. ඔබ තිදෙනාටම බොහොම ස්තූතියි."

- "බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයේ පැවති වැඩසටහන් ඉතා වටිනා වැඩ වැඩසටහනක වන අතර කාලය ගියා දැනුණේම නැත. හිතුවට වැඩිය ගොඩක් නොදන්නා දේවල් ඉගෙන ගැනීමට ලැබින. අපට ඉගැන්වූ සර්ලා සියලු දෙනාම ඉතා හොඳින් සිත් ගන්නා ආකාරයට පාඩම් ප්‍රායෝගිකව ඉගැන්වීය. තවත් කාලය තිබුණා නම් ඉතා වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි සිතමි."

- "දෙදින තුල ලබාගත් දැනුම් ඉතාමත් අගය කොටස සලකමි ඔවුන්ගේ කැපවීම ප්‍රශංසනීයයි. මෙවැනි පුහුණුවීම් කටයුතු තවදුරටත් ලබා දෙන්නේ නම් අගය කොටස සලකමි. සිදු වූ එකම සිත් රිදවීම නම් පරිපාලනයෙන් ඊයේ දිනයේ සිදු වූ (සමහර ගුරු මහත්ම මහත්මීන්ට) Wash room එකේ ප්‍රශ්නය. මෙවැනි සිත් රිදවීම් මින් මතුවට ඔවුන්ගේ නොවීම යන්න පැතුමයි."

- "ගුරුවරු තිදෙනාගේම උත්සාහය ඉතාමත් ගෞරවයෙන් අගය කරන අතරම දින දෙකක පුහුණුව වේගවත්ව ඉගෙන ගැනීමේදී කරුණු තහවුරු කරගැනීමට අපහසු තාවයක් ඇති වන අතර මෙවැනි පුහුණු වැඩසටහන් තවතවත් ලබා දීමට කටයුතු කරන්නේ නම් ඉතා අගනා කටයුත්තකි. ප්‍රාථමික විෂය අධ්‍යක්ෂක තුමිය සහ ගුරුවරු තිදෙනාටම ස්තුතිය ප්‍රකාශ කර සිටිමි."

- "පුහුණුව ඉතා හොඳයි දක්ෂ සහ කැපවීමෙන් කටයුතු කරන ගුරු මහතුන් තිදෙනෙකුගෙන් ඉගෙනීමට ලැබීම සතුටක්. කළ යුතු, ඉගෙන ගත යුතු බොහෝ දේ ඇති නිසා කාලය මදි විය. නැවත පුහුණුවක් ලැබේ නම් අගය කරමි."

- "පරිගණක තාක්ෂණය ගැන විවිධ දැනුම් මට්ටම් වල සිටින ගුරුවරුන් සඳහා මුල සිට සරලව පැහැදිලි කරදෙමින් පුරා දින දෙකක් තිස්සේ ඔබ තිදෙනා දැරූ උත්සාහයට කෘතඥතාව පළ කරමි. ප්‍රයෝගික පුහුණුව ලබාදෙමින් අප හට මග පෙන්වීම හා ඊට තවත් දින කිහිපයක් ලබා දෙන්නේ නම් එය සතුටුට කාරණයකි."

- "අන්තර්ජාලය පිළිබඳ දැනුම දියුණු කර ගැනීමට ආශාවක් ඇති වුණි. අන්තර්ජාලය පිළිබඳ මූලික දැනුම ලබා දෙන පාඨමාලාවක් පවත්වනවා නම් ඒ සඳහා සහභාගි වීමට දැඩි කැමැත්තක් ඇති බව පවසමි. මෙම දින දෙක තුල අන්තර්ජාල පහසුකම් උපයෝගී කරගෙන පාඩම් සැලසුම් කිරීමට යම් හැකියාවක් ලැබුණු බව සතුටින් දන්වන අතර ඒ දැනුම දියුණු කර ගැනීමට ද උත්සාහයක නිරත වීමට ද සිත් තබා ගතිමි."

- "මෙම වැඩ වැඩසටහන් මට පෞද්ගලිකව ඉතාමත්ව වැදගත්. ඒ මන්දයත් තිබූ දැනුමට වඩා එහා ගිය දැනුමක් computer සම්බන්ධව මෙන්ම පරිගණක තාක්ෂණය ඔස්සේ පාඩමක් (zoom) කරගෙනයාම තෙක් සහ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය දරුවන්ට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳ දැනුමක් ලැබුණා සහ පීඩනයකින් තොරව වැඩසටහන් කරගෙන ගියා. ස්තුතියි."

- "Excellent, නොදන්නා දේවල් ගොඩාක් අරගෙන අපි ආපසු යනවා. පුරවාගත් සිතකින් යුතුව. බොහෝම ස්තුතියි තුන්දෙනාටම. ගොඩක් මහන්සි වුනා, නොදන්නා අප වෙනුවෙන්.  

හැබැයි සර් washroom case එක නොවන්නට මේක නම් superb. මෙතන හිටියේ ගුරුවරු මිස ඉස්කෝලෙ ළමයි නොවන බැවිනි. ඊයෙ හවස ප්‍රින්සිපල් කෙනෙක් ඇවිත් දඩබ්බර ශිෂ්‍යයෙක්ට දඬුවම් කරන්න අරගෙන ගියේ. අපිට හරිම දුකයි.  

ඒ හැරෙන්නට අපූරුයි සර්ලා ඔබ තිදෙනාම.  

අපූරුයි, අපූරුයි."

- "බොහොම අකමැත්තෙන් සහ සහභාගි වූ වැඩසටහනක් නමුදු අපව ගෙන ගියා අප නොදුටු ලෝකයට

 ස්තුතියි Sir ඔයාලට

 අපේ දරුවන්ට සහ රටේ දරුවන්ට දෙන්නෙමු අපි ලැබූ දශමය හෝ

 අඩු සැලකිලි දැක්වූ වුවද ඇතැම් කලාපීය මැඩම්ලා කමක් නැතසැප දුක හුරු අපිට

 නැවතත් ස්තුතියි සර්ලා තිදෙනාට."

- "මේ දින දෙකේ සැසිය නම් මේ කාලයට අපට ඉතාමත් වැදගත්. තව දින කිහිපයක් ඔබේ වටිනා දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් බොහෝ වටිනවා. ඔබ තිදෙනාට අපට ලබාදුන් සියලුම ශිල්පීය හැකියාවන් ට බොහොම ස්තූතියි."

- "12 මස 17 සහ 18 යන දෙදින තුළ ඔබ ආයතනය මගින් අපට ලබා දෙන දැනුම් සම්භාරය ඉතා අගය කොටස සලකමි. මෙතෙක් මේ සම්බන්ධව නොතිබූ උවමනාවක් ඇති වූයේ මේ වැඩමුළුවට සහභාගි වූ නිසාවෙනි. තව දින කිහිපයක් මෙම වැඩමුළුව පැවතියේ නම් අගය කරමි. තවදුරටත් මෙම වැඩසටහන් සාර්ථකව කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා."

- "පරිගණක පුහුණු වැඩ වැඩසටහන් මගින් අපේ දැනුම් අලුත් වුනා. ඒ සඳහා ලැබුන කාලය මදි. මෙවැනි වැඩසටහන් ඉදිරියටත් තිබ්බ නම් හොඳයි."

- "මෙම දෙදින තුළ පැවැත්වූ පරි පරිගණක සැසිය බෙහෙවින් වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත්තෙමි. එමෙන්ම මෙවැනි සැසි වලින් පරිගණක දැනුම නොමැති අපිට සරලව මුල සිට මෙම පරිගණක දැනුම ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි."

- "පරිගණක පුහුණුව අගය කරමි. මේ පිළිබඳ දැනුම තවදුරටත් ලබා ගැනීමට හැකි වේ නම් ඉදිරියේ දී ඉතා වටිනා බව පවසමි."

- "වැඩමුළුව ඉතාමත් ප්‍රයෝජනවත්වත්. කාලීන අවශ්‍යතාවක් වන අන්තර්ජාලය හරහා කළ යුතු පාඩම් ඉතාමත් හොඳින් අවබෝධයෙන් අවබෝධ කරවීම හොඳයි. කාලය අනුව අවශ්‍ය දැනුම අඩු නොකර ලබාදීමට කටයුතු කිරීම හොඳයි. තවත් මෙවන් වැඩමුළු මගින් දැනුම යාවත්කාලීන කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නේ නම් ඉතාමත් ප්‍රයෝජනවත් බව හැඟීමයි. Zoomතාක්ෂණයෙන් පාඩම් සැලසුම් කිරීම ඉතාමත් හොඳයි."

- "2020 12 මස17, 18 දෙදින තුළ මෙම වැඩමුළුවට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. ඒ සඳහා අවස්ථාව ලබා දුන් සැමට ස්තුතියි. එසේම මහත් අපහසුතා මධ්‍යයේ අපව දැනුවත් කළ ගුරුභවතුන් තිදෙනාටම බොහෝ පින් සිදු වේවා.  

මෙතෙක් දිනක් මාර්ගගත අධ්‍යාපනය සම්බන්ධයෙන් අප තුළ පැවති ගැටලු නිරාකරණය කර ගැනීමට ලැබීමත්, ඒ සඳහා උනන්දුවක් අප තුළ ඇති කිරීමත් පිළිබඳව ස්තුතිවන්ත වෙමි

 ඔබගේ අරමුණ හැකි පමණින් ඉටු කිරීමට පොරොන්දු වෙමි."

- "දින දෙකක් පුරාවටම පරිගණක දැනුම ලබා දීමට ගුරු මහත්වරුන් තිදෙනා ගත් වෙහෙස ඉතා අගනා බව කිව යුතුය. මූලික දැනුමකින් තොරව මෙම වැඩසටහනට සහභාගී වූ මට මේ තුළින් කිසියම් දැනුමක් ලද බවත් ඒ වෙනුවෙන් වෙහෙස වූ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුළු වැඩසටහන් මෙහෙයවූ හා නන් අයුරින් ඒ සඳහා සහය දුන් සැමට හද පිරි ස්තුතිය පුදකරමි."

- "2020 12 17 සහ 18 දින වැඩසටහන් ඉතාම සාර්ථක වැඩසටහනකි. කාලීන වැඩසටහනක් ලෙස මෙය වැදගත්වෙයි. මෙහෙයවූ දේශක තුන්පලගේ කැපවීම් ඉතාමත් අගය කරමි."

- "මෙම තොරතුරු හා තාක්ෂණය පිළිබඳ දවස් දෙකක පුහුණු සැසිය තුළින් මා හට අන්තර්ජාලයට පිවිසෙන්නේේ කොහොමද smart phone එකක් භාවිතා කරන්නේ කොහොමද කියා දැන ගත්තෙමි.  

එක් දිනක්වත් කොම්පියුටරය පාවිච්චි නොකළ මා හට මේ පුහුණුව තුළින් ඉතා විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තෙමි.  

Zoom, Whatsapp යනාදිය පිළිබඳ නොදත් මා හට අවබෝධ ලැබුණේ මේ පුහුණුව තුළින.  

ඔබ සැමට සුභ අනාගතයක්. මෙය භාවිතා කර යමක් කිරීමට හැකියාව ලැබෙයි කියා මම සිතමි."

- "දින දෙකක් තුළ අපි ලැබූ අත්දැකීම් බොහෝය. නොදත් දෑ ඉතා සරලව පැහැදිලිව අත්දුටුවෙමි. පාසැල් පංති කාමරය තුළට නව තාක්ෂණික උපකරණ භාවිතා කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නිරත වන්නේ කෙසේදැයි මැනවින් දැන ගතිමි. ඒ තැනට ඒමට මෙතුමාණන් ගත් උත්සාහය අගය කොට සලකමි. මෙවැනි වැඩසටහන් තවදුරටත් බලාපොරොත්තු වන්නෙමි."

-



   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- "දින දෙක තුළ ඉතාමත් හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. ඔබතුමන්ලා තුන් දෙනාටම බොහොම ස්තුතියි."

- "දින දෙකක් පුරා පැවති පරිගණක වැඩමුළුව ඉතාම සාර්ථක අයුරින් එම ගුරු මහත්වරු තිදෙනා මෙහෙයවූ අතර එය ගුරුවරු වන අපට අනාගතයට ඉතා ප්‍රයෝජනවත් වන වැඩසටහනක් වන අතර එය මෙහෙයවූ තුන්දෙනාට බෙහෙවින් ස්තුතිය පුදකරමි.  

අපට ගුරු ජීවිතයේ ඉතා වටිනා අවස්ථාවක් ලෙස මේ අවස්ථාවේ මම අගය කරමි.  

මේ අවස්ථාව අපට ලබාදුන් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියට ද ස්තුතිය පළ කරමි."

- "මීට වසර හතරකට පහකට පෙර මෙම පුහුණුව ලැබුණා නම් ඉතාමත් වටිනා කමක් ඇත. අද දිනයට වඩා ඊයේ දිනය හොඳයි. තවත් කාලය ගෙන පියවරෙන් පියවර යන්න තිබුණා නම් අපට තවත් සාර්ථක වන්නට තිබුණා යැයි හැඟේ. සමහර විටෙක අලුත් පාඩම් වේගවත් වැඩිය යැයි සිතේ. තවත් දිනයක මෙවන් ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත හැකි නම් වඩා හොඳයි. කාර්යාලයට අවශ්‍ය කරන ක්‍රම භාවිතා කරන ආකාරයත් එකතු වුවා නම් තවත් හොඳයි."

- "2020 12 17 සහ 18 දෙදින පැවති පරිගණක පුහුණුව සම්බන්ධවයි - පරිගනක පිළිබදව මුලික දැනුම පවා අවම අයෙක් හැටියට පැමිණියෙමි.  

දින දෙක අවසාන වන විට මූලික දැනුම ලබා දෙමින් වර්තමානයේ පන්ති කාමර ඉගැන්වීමට අත්‍යවශ්‍ය වන Zoom තාක්ෂණය යොදා ගැනීම හා පාඩම් presentation කිරීම යනාදී වශයෙන් අවශ්‍ය සියලු දැනුම එක් කිරීමට ගුරුභවතුන් තිදෙනා දක්ෂ විය.  

පැමිණි අපි සතුටින් යමක් රැගෙන ගිය බව දන්වනු කැමැත්තෙමි.  

මේ සඳහා දින දෙක කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් තිදෙනාටත්, අවස්ථාව සලසා දුන් මාතර කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ටත් හෘදයාංගම ස්තුතිය පුද කරමි."

-  "අප මෙම ස්ථානයට ආවේ කිසිම අන්තර්ජාල දැනුමක් නොමැතිව ය

එහෙත් මේ සර්ලා අන්තර්ජාලය ළදරු අවධියේ සිටම කියා දුන්නා. ඊට පසුව ටිකෙන් ටික ඉගෙන ගෙන දැනුම් සම්භාරයක් රැගෙන තමයි දවස් දෙක අවසාන කරන්නේ.  

ඒත් අපිට මේ පාඨමාලාව තවදුරටත් පැවැත්වුවහොත් හොඳයි. ඒ වගේම Zoom තාක්ෂණයෙන් පාඩම් කරන අයුරු ක්‍රියා දුන්නා

 මේ අවස්ථාවේ අපට එය ඉතාමත් වැදගත්."

- "මෙම දින දෙක තුළ ලද දැනුම් සම්භාරය බොහෝය.  

පරිගණකය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති බොහෝ දෙනාට ඉතා කෙටි කාලයක් තුළ ඉතා විශාල දැනුම් සම්භාරයක් ග්‍රහණය කර මතකයේ තබා ගැනීම තරමක් අපහසු කරුණකි.  

මෙම පුහුණුව පියවරෙන් පියවර දින ගණනක් තුළ කරනු ලැබුවා නම් ඉතා සාර්ථක හා පලදායී වනු ඇත.  

එසේම මෙම ලද දැනුම ඉදිරියට යාවත්කාලීන කරගෙන යෑම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ගුරුවරුන්ට නොමැතිවීමද ගැටලුවකින්.  

දින දෙකක් පුරාවට අප හට තාක්ෂණික දැනුම ලබා දීමට එම අංශයේ ගුරු මහතුන් තිදෙනා දැරූ උත්සාහය ඉතා අගය කොට සලකමි.  

ස්තූතියි."




Comments

Popular posts from this blog

කලාප කාර්යාලයේ පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පරිගණක දෘඩාංග පිළිබද මූලික පුහුණුව

 කලාප කාර්යාලයේ පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පරිගණක දෘඩාංග පිළිබද මූලික පුහුණුව

ප්‍රාථමික විෂය ගුරුවරුන් සදහා වූ තොරතුරු තාක්ෂණ පුහුණුව (පළමු කණ්ඩායම) - 2019 - 07 - 24 සහ 25

  පුහුණුව ලැබූ ගුරුවරුන්ගේ අදහස් - " මෙම පරිගණක පුහුණු වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනකි . මීට පෙර නොලැබුණු හොද පුහුණුවක් ලබා ගන්න අවස්ථාව ලැබුණා පරිගණක වැඩසටහන් වල ගොඩක් නොදන්න දේවල් මේ කෙටි කාලය තුළ ඉතා ආසාවෙන් ඉගෙන ගන්න අවස්ථාව ලබා දුන්න. "- - "උපාධිධාරී ගුරුවරයෙකු ලෙස උපාධිය ලබා ලබා රැකියාවක් ලබා ගත් මා අවුරුදු අටක් සේවය කළ ඉ තා දුෂ්කර පළාතකය . මෙම අවුරුද්දේ මාතර කලාපයට ආ මම 2019-07- 24 දින මෙම වැඩමුළුවට සහභාගි වූයේ ඉතා අකැමැත්තෙනි . විදුහල්පතිතුමාගේ බලකිරීම මතයි . වැඩමුළුව පටන් ගෙන පැයක් ගතවීමටත් පෙර මෙහි වැදගත් කම මට වැටහිනි . පැමිණීම ගැන ලොකු සතුටක් ඇතිවිය . ඒ සඳහා යොමු වීමට මා තුල බියක් ඇති වූයේ නොදන්නාකමයි . ඔබතුමන්ලා තුමියන්ගේ ඉගැන්වීම් මත ද පරිගණක පිළිබදව මුලික දැනුම ලබා ගත්තෙමි . දැන් මට බයක් බියක් නැත . ඒ සදහා ඔබතුමන්ලා කරන කැපවීමට ස්තුතිවන්ත වෙමි ." - - "පරිගණක පුහුණුව ලබා ගැනීම සඳහා මා මෙම ආයතනයට පැමිණියේ කිසිවක් නොදැන ය . නමුත් අපට පැමිණි මොහොතේ සිටම දින තුන අවසාන වන තෙක්...